(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)
රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවතින අධිකරණ අපහාස කළේ යැයි කියන නඩුවේ ඔහු වෙනුවෙන් සාක්කි දීම සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විවධ තරාතිරම් වල පුද්ගලයින් 42දෙනෙකුගේ නම් ඇතුළත් සාක්කිකරුවන්ගේ ලැයිස්තුවක් රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.
විදානගම නීතීඥ සමාගමේ උපදෙස් පරිදි මෙම සාක්කිකරුවන්ගේ ලැයිස්තුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට අමතරව පුවත්පත් කර්තෘවරුන්, විද්‍යුත් නාලිකාවල ප‍්‍රධානීන් , ජනමාධ්‍යවේදීන් මෙන්ම සාමාන්‍ය පුද්ගලයින්ද කැඳවීමට අවසර ඉල්ලා ඇත.
එම සාක්කි ලැයිස්තුවේ ලැයිස්තුවට ඇතුළත් ප්‍රධාන පෙළේ පුද්ගලයෝ මෙසේය.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා , රාවය හිටපු කර්තෘ වික්ටර් අයිවන්, ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය , ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය ඒකකයේ ප‍්‍රධානියා , සිරස, හිරු, දෙරණ, එම්.ටී.වී. විද්‍යුත් නාලිකාවල ප‍්‍රධානීන්, පාර්ලිමෙන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක , අධිකරණ සේවා කොමිසමේ ලේකම්වරයා , පාර්ලිමේන්තු මහලේකම්වරයා, ඬේලී මිරර් පුවත්පතේ කර්තෘ , අනිද්දා පුවත්පතේ කර්තෘ , කේ.ඩබ්ලිව් .ජනරංජන , ගවේෂණාත්මක නිදහස් මාධ්‍යවේදී කසුන් පුස්සේවෙල , උසාවිය නිහඬයි චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂ ප‍්‍රසන්න විතානගේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයා ඇතුළු විවිධ තරාතිරම් වලට අයත් පුද්ගලයින් 42 දෙදෙනෙකුගේ නම් ද සාක්කි දීමට අධිකරණයට කැඳවීමට අවසර ඉල්ලා ඇත.
මෙම සාක්කිකරුවන්ට අමතරව අගවිනිසුරු නලීන් පෙරේරා මහතා අගවිනිසුරු ධුරයට පත්වු අවස්ථාවේදී පිළිගැනීමේ උත්සව සභාව අමතා කළ කතාව සහ වික්ටර් අයිවන් මහතා ලියු නොනිමි අරගලය, කෘතියද අධිකරණ ලේඛන වශයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමටද අවසර ඉල්ලා ඇත.
අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා එරෙහිව පවරා ඇති නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද (30) තෙවැනි දිනයටත් කැඳවූයේ සිසිර ද ආබෲ , ප‍්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේය.