කුඩු ව්‍යාපරය සහ ඊට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා කර ඇති ප්‍රකාශයකින් නීතීඥවරුන්ට හා විනිසුරුවරුන්ට සහ අධිකරණයට අපහාසයක් කර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා තමා අගවිනිසුරුවරයාට ලිපියක් මාර්ගයෙන් අද (27) පැමිණිල්ලක් යොමු කළ බව කෝට්ටේ නියෝජ්‍ය නගරාධිපති , නීතිඥ මධුර විතානගේ මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරීවරිය සඳහන් කළේ අගවිනිසුරුවරයාගේ නමට අධිකරණය අපහාස සිද්ධියක් සම්බන්ධයෙන් මුද්‍රා සහිත ලිපියක් නීතිඥ මධුර විතානගේ මහතා තමාට බාරදුන් බවත් එම ලිපිය තමා අද (27) දිනයේම අගවිනිසුරුවරයාට යොමු කළ බවය.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඉකුත් ජූලි මස 08වැනිදා පැවති මාධ්‍ය හමුවකදී රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශයකින් කුඩු ව්‍යාපාරය පිළිබඳ බරපතල චෝදනාවක් එල්ල කර ඇති බැවින් එමගින් අධිකරණයට අපහාසයක් කර ඇති බවට අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී මාධ්‍යට අදහස් දක්වමින් කීවේය.

