රන් භාණ්ඩ සොයා ගිය විශේෂ කාර්ය බළකායට ගිනි අවි - උණ්ඩ හමුවෙයි


බිමල් ශ්‍යාමන් ජයසිංහ

මාතර රන් භාණ්ඩ කොල්ලයට සම්බන්ධව පලා ගොස් සිටින පාතාල සාමාජික හබරකඩ වසන්ත නැමැත්තා අතුරුගිරිය නිවසේ  සිිටින බවට හා කොල්ලකන ලද රන් භාණ්ඩ  නිවසේ සඟවා තිබෙන බවට  ලැබුණු තොරතුරක් අනුව  නිවස වැටලීමට ගිය රාජගිරිය  පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාස නිලධාරීන්ට  එම නිව‍සේ තිබී මිලි මීටර්  3.8 වර්ගයේ ගිනි අවියක් , ජීව උණ්ඩ හතරක් හා හිස් උණ්ඩ දෙකක් සොයා ගැනීමට  හැකි වී තිබේ.

එහිදි හබරකඩ වසන්ත නැමැත්තාගේ මව, පියා ,බිරිඳ හා දියණිය ද  ප්‍රශ්න කිරීම් සඳහා අත්අඩංගුවට  ගෙන ඇති අතර සැකකරු පළා ගොස් ඇත.

අත්අඩංගුවට ගත් එම පිරිස අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබාගෙන දිර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලිස් නිලධාරීයෙක් පැවසීය.

වැඩිදුර ප්‍රශ්න කිරිම සඳහා සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය වෙත බාරදී ඇත.