රන් බිස්කටි සමඟ පුද්ගලයෙක් රේගුවේදී දැලේ


(ටී.කේ.ජී.කපිල)
 
තමන් පැළද සිටින පාවහන් තුළ සගවා ගෙන රත්තරන් බිස්කට් දෙකක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා  31 හැවිරිදි කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
 
ඔහු අද අලුයම ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ජෙට් එයා වේස් ගුවන් සේවයේ 9W256 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , එයින් පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .
 
ඔහු සතුව තිබු  ග්රෑම් 100 බැගින් වූ රත්තරන් බිස්කට් 02 ක් තිබූ අතර , එහි මුළු බර ග්රෑම් 200 කි. ඒවායේ මුළු වටිනාකම රුපියල් ලක්ෂ 13 ක් බව රේගුව පවසයි .