රන් බිස්කට් සමඟ ලාංකිකයා දැලේ


(ටී.කේ.ජී.කපිල )
 
රන් බිස්කට් දෙකක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (29) අලුයම  කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ඇත.
 
 මොහු කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි .
 
අද (29)  අලුයම 1.55 ට පමණ සිංගප්පූරුවේ සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 348 දරණ  ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන් බැහැරට යමින් සිටියදී , රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන පරීක්ෂා කරද්දී සිය යට ඇඳුමේ සඟවාගෙන සිටි  මෙම රන් බිස්කට් සොයා ගෙන ඇත.
 
 මෙම රන් බිස්කට් වල බර ග්‍රෑම්  200 ක් වන අතර , ඒවායේ වටිනාකම රුපියල් 13,60,000 ක් බව රේගුව සදහන් කරයි.