රන් බිස්කට් සමඟ ඉන්දීය ජාතිකයින් දෙන්නෙක් අත්අඩංගුවට


( ප්‍රසාද් මුතුකුඩ  සහ ටී.කේ. ජී. කපිල  )


රුපියල් ලක්ෂ 40 පමණ වටිනා  රන් බිස්කට් 04  ඩුබායි  සිට නීති විරෝධි ලෙස  මෙරටට රැගෙන  එනු ලැබු  ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අද (28) අත්අඩංගුවට  ගත් බව  බව  ගුවන්තොටුපළ පොලිස් මත් ද්‍රව්‍ය  කාර්යංශය  පවසයි .


මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද  ඉන්දීය  ජාතිකයින් දෙදෙනා  43 ,29 වියේ පසු වන   අතර  මොවුන්  ඩුබායි සිට  ලංකාව සහ  මැලේසියාව  අතර රෙදි පිළි  ව්‍යාපාරිකයින් බව හගවමින් නීති විරෝධි  රන්බිස්කට්  ව්‍යාපාරයේ යෙදි  සිටි තැනැත්තන් බව  අනාවරණය වු බව පොලීසිය  පවසයි.


    එෆ්. ඉසෙඩ්  551 දරණ  ගුවන් යානයෙන්  කටුනායකට පැමිණ  නැවත මැලේසියාවට  පිටත්ව යාමට  ගුවන්තොටුපලේ රැදි සිටියදි  ලද තොරතුරු  මත මොවුන්  අත්අඩංගුවට ගෙන  පරික්ෂා කිරීමේදි  ඔවුන් සන්තකයේ තිබු මුදල්  පසුම්බියක ඉතා  සූක්ෂම ලෙස  රන්බිස්කට් කාබන් කොළ වලින්  ඔතා  තිබු බව පොලීසිය කියයි.