(ටී.කේ.ජී.කපිල )
පෝලන්ත ජාතිකයකු විසින් ඊයේ (31) උදෑසන නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ආ රන් බිස්කට් 100 සඳහා , රුපියල් ලක්ෂ 50 ක දඩ මුදලක් ගෙවන ලෙස නියම කර ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මේ පිළිබඳ වැඩිදුර රේගු පරීක්ෂණය කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජගත් ඔබේසේකර මහතා විසින් පවත්වා තිබිණි.
එහිදී මෙම 60 හැවිරිදි පෝලන්ත ජාතිකයා විසින් ගෙන ආ රුපියල් හය කෝටි හැත්තෑ පන් ලක්ෂයක් වටිනා රන් බිස්කට්100 රාජසන්තක කළ අතර, ඊට අමතරව මෙම පුද්ගලයාට රුපියල් ලක්ෂ 50 ක දඩ මුදලක් නියම කර ලෙස නියෝග කර තිබේ.
මෙම පෝලන්ත ජාතිකයා පසුගිය ආසන්න මාසයක කාළය තුළ 6 වතාවක් මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණ ගොස් ඇති බව රේගු නිලධාරීන් අනාවරණය කර ගෙන ඇත.