මතුපිටින් රිදී ආලේප කළ රන් ගාංචු 6 ක් සවි කළ බෑගයක් රැගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
මඩකලපුවේ පදිංචි කාන්තාවක් වන ඇය තිස් හැවිරිදිය.
රන් ගාංචු වල බර ග්‍රෑම් 458 කි.
එහි වටිනාකම රුපියල් විසි දෙලක්ෂ අසුපන්දහසක් බව රේගුව කියයි.

