රන් බඩු හලෙන් ලක්ෂ 80ක රන් බඩු පන්නලා


(ඉන්දිකා  රාමනායක)

නුගේගොඩ හයිලෙවල් පාරේ  පිහිටි රන්බඩු හලකින්   රුපියල් ලක්ෂ 80 ට ආසන්න රන් බඩු  සොරාගෙන  ගිය  සේවකයෙකු අත්අඩංගුවට   ගත් බව  කොහුවල  පොලිසිය  පවසයි.

රන්මාල 14 ක්,  අත් පළඳනා හයක්, වළලු දෙකක්, හා මුද්දක් මෙලෙස සොරාගෙන ගොස් ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇත.

පසුගිය අගෝස්තු 23 දින සිට මෙම    සොරකම සිදුකර ඇති අතර. සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර ඊයෙ (19) මාතර ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. කොහුවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.