රන් බඩු කොල්ල කෑ කංජිපානී ඉම්රාන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට


(ඉන්දිකා  රාමනායක)

පිහියක් පෙන්වා  ආදුරුප්පුවීදිය ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී පවුල්  44ක  රන්බඩු කොල්ලකෑ  පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේ දී ආදුරුප්පු වීදිය පොලීසිය  මගින් අඩංගුවට ගෙන ඇත .
 

සැකකරුව  සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන කංජිපානී ඉම්රාන් නමැත්තා ගේ ගෝලයෙක් බවද පොලිසිය සඳහන් කළේය.
 

මෙම සැකකරු මීට දින කිහිපයකට පෙර මෙම රන්බඩු කොල්ලකා ඉන් රන්බඩු  තොගයක් හෙට්ටිවීදිය ට අලෙවි කර මුදල් ලබාගෙන  මාතලේ ප්‍රදේශයේ ඔහුගේ බිරිඳගේ නිවසට ගොස් සැඟව සිටිය දී ඊයේ (19) පස්වරුවේ කොළඹින් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
 
සැකකරු කාලයක් පටන් කන්ජිපානි ඉම්රාන් අප සමග එක්ව ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති අතර ඔහු රුපියල්  ලක්ෂ 11 ක මුදලක්  කංජිපානි නැමැත්තාට ණය වී ඇතැයිද පොලීසිය කියයි.

කංජිපානි නැමැත්තා ඩුබායි රටේ සිට අත්අඩංගුවට පත්වී මෙරට පිටු පිටුවහල් කිරීමෙන් පසු සැකකරුගෙන් මෙම ණය මුදල ඉල්ලා ඇති අතර ඒ ලබාදීමට නොහැකි හෙයින් ඔහු මෙම කොල්ලය සිදුකර ඇති බව පොලිසියට පොලිසියට තොරතුරු හෙළිවී ඇත. හෙට්ටිවීදියේ ට අලෙවි කර රන්බඩු වලින් ලබා ගත් මුදලින් සැකකරු එම ලක්ෂ 11ක මුදල ගෙවා දමා සෙසු මුදල් රැගෙන මාතලේට ගොස් සැඟවී ඇත.