රන් පන්දුව ස්පාඤ්ඤයට


2013 දී පාපන්දු කී‍්‍රඩාවේ දක්‍ෂතම කී‍්‍රඩකයාට පිරිනමන රනින් නිමවූ පන්දුව ස්පාඤඤයේ රියල් මැඩ්රිඩ් පාපන්දු ක‍්‍රිඩා සමාජයට ඉදිරි පෙළ ප‍්‍රහාරක කී‍්‍රඩකයකු පෘතුගීසි  ජාතික 29 හැවිරිදි ක‍්‍රිස්ටියානෝ රොනල්ඩෝට විය.

විසින් හිමිකර ගත් අතර  මෙම කුසලානය ප‍්‍රදානය කිරීම ජනවාරි 13 වැනි සදුදා ස්විට්සර්ලන්තයේ සුරිච් නුවර ලෝක පාපන්දු සම්මේලන මුලස්ථානයේදි උත්කර්ශවත් ලෙස සිදු විය.

 එම කුසලාන ලෝක ප‍්‍රසිද්ධ බ‍්‍රසීල් ජාතික පාපන්දු ක‍්‍රීඩක පේලේ විසින් පිළිගැන්වූණ අතර ලෝක පාපන්දු සම්මේලනය විසින් විශේෂ අනුස්මරණ කුසළානයක් බ‍්‍රසීල් ජාතික එඞ්සන් අරන්ටෙස් ඩො නැසිමෙන්ටෝ නොහොත්  පේලේට  ප‍්‍රදානය කැරිණි.

කඳුළු පිරි දැසින් සභාවට පැමිණි පේලේ ඉකි ගසමින් එම සම්මානය ගත්තේය.

 ප‍්‍රංශයේ පළවන ලෝක ප‍්‍රසිද්ධ ‘ප‍්‍රංශ පාපන්දු‘නම් කී‍්‍රඩා සඟරාව මෙම කුසලානයේ ආරම්භකයාවේ. මෙම සඟරාවේ ආරම්භක සංස්කාරක ප‍්‍රංශ ජාතික ගැබ්රියල් හනෝ විසින් තම සහෝදර මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වයෙන් ප‍්‍රංශයේ දක්‍ෂතම පාපන්දු කී‍්‍රඩකයා තෝරා ඔහුට කුසලානයක් පිරිනැමිම 1956 දී ඇරඹියේය.

ඒ වනවිට ප‍්‍රංශයේ සිටි කි‍්‍රඩා විචාරක මාධ්‍යවේදින්ගේ ඡුන්දයෙන් තෝරාගත් දක්‍ෂතම කි‍්‍රඩකයාට මෙම කුසලානය පිරිනැමීමෙන් කලකට පසු එය යුරෝපයේ දක්‍ෂතම කි‍්‍රඩකයාටත්; 1995 දි ලෝකයේ දක්‍ෂතම කි‍්‍රඩකයාටත් ලෙස පරිනාමයවිය.

එම කුසලානය රත්තරන් පන්දුව  නමින් පසුකාලීනව හැදින්වූණි.

ඒ අනුව එංගලන්තයේ බ්ලැක් ෆූල් කි‍්‍රඩා සමාජයේ කි‍්‍රඩා කල ඉංගී‍්‍රසි ජාතික ස්ටැන්ලි මැතිව්ස් : ප‍්‍රථමයා ලෙසත්; 1995 දී ලෝකයේ දක්‍ෂතම පාපන්දු කි‍්‍රඩකයා ලෙස ඒ වනවිට ප‍්‍රංශයේ පැරිස් සෙන්ට් ජර්මන් පාපන්දු කි‍්‍රඩා සමාජයට කි‍්‍රඩා කල ලයිබීරියා ජාතික ජෝර්ඡ් වේහා  එම කුසලානය හිමිකර ගනිමින් ඉතිහාසයට එක්වුහ.

 ලෝකයේ දක්‍ෂතම කි‍්‍රඩිකාවට ද මෙම කුසලානය පිරිනමන අතර එය 2001 දී ආරම්භ විය.     

      මෙම කුසලානය පිරිනැමීම සදහා; යුරෝපයේ පාපන්දු කි‍්‍රඩා කරන පළමු ලීගයේ සියලූම කි‍්‍රඩා සමාජයන්හී පුහුණුකරුවෝ  208 දෙනෙක් ද එහි කණ්ඩායම් නායකයෝ 208 ක්ද, යුරෝපයේ  සුප‍්‍රසිද්ධ කි‍්‍රඩා විචාරක මධ්‍යවේදිහු 154 දෙනෙක්ද විනිශ්චය මණ්ඩලයට අයත්වේ.

ඉහත සියල්ලන්ගේ ඡුන්දයෙන් තේරී පත්වන කී‍්‍රඩකයා ලෝකයේ දක්‍ෂතම පාපන්දු කී‍්‍රඩකයා ලෙස රත්තරන් බෝලය හිමිකර ගැනීමට වාසනාව ලබයි. මෙම කුසලානය පිළිවෙළින් 1983/84/85 වර්ෂ වලදී හිමිකර ගත් ප‍්‍රංශ ජාතික මිචෙල් ෆැලැටීනි නොකඩවා තුන් වරක් හිමිකර ගත් එකම කි‍්‍රඩකයා බවට ඉතිහාසගත වේ.

       2013 වර්ෂයේ දක්‍ෂතම පාපන්දු  කී‍්‍රඩකයා තේරීමේ තරගයේ අවසන් තරගකරුවන් තිදෙනා අතරට ස්්පාඤඤයේ රියල් මැඞ්රිඞ් පාපන්දු ක‍්‍රිඩා සමාජයට ඉදිරි පෙල ප‍්‍රහාරක කී‍්‍රඩකයෙකු ලෙස කී‍්‍රඩා කරන පෘතුගීසි  ජාතික  ක‍්‍රිස්ටියානෝ රොනල්ඩෝ, ස්පාඤඤයේ බාර්සිලෝනා ක‍්‍රිඩා සමාජයට ක‍්‍රිඩා කරන ගියවර මෙම කුසළානය හිමි කර ගත් ආර්ජන්ටිනා ජාතික ලයනල් මෙස්සි, මෙවර යුරෝපා පාපන්දු කුසළානය ජයගත් ජර්මනියේ බයන් මියුනික් පාපන්දු ක‍්‍රිඩා සමාජයට ඉදිරි පෙළ ප‍්‍රහාරක කී‍්‍රඩකයෙකු ලෙස  ක‍්‍රිඩා කරන ප‍්‍රංශ ජාතික ප‍්‍රැරැන්ක් රිබේරි තෝරා පත් කර ගත්තේය. අවසාන වටයේදි ක‍්‍රිස්ටියානෝ රොනල්ඩෝ දක්‍ෂතම කී‍්‍රඩකයා ලෙස තේරී පත්වුහ.

මීට අමතරව ලයනල් මෙස්සි යනු ලෝකයේ දක්‍ෂතම පාපන්දු  කී‍්‍රඩකයන්  අතර වැඩිම මුදලක් අයකරන කී‍්‍රඩකයාද වේ. පාපන්දු කි‍්‍රඩා කිරීම වෙනුවෙන් මසකට ඔහු අයකරන මුදල රුපියල් කෝටි නමයක් පමණ වේ.

        2013 වර්ෂයේ දක්‍ෂතම  පාපන්දු කි‍්‍රඩිකාව ලෙස ජර්මන් ජාතික පාපන්දු කන්ඩායමේ ගෝල් පන්දු රකින්නා වූ ජර්මන් ජාතික නඞීන්  අන්ජේරේරා තෝරා පත්කර ගත්තේය. එහි අවසන් තරග කරුවන් වුයේ ගියවර ජයගත් ඇමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ගෝල්ඞ් ෆරයිඞ් පාපන්දු කි‍්‍රඩා සමාජයට කි‍්‍රඩා කරන බ‍්‍රසීල ජාතික මාර්ථා වියේරියා ඩා සිල්වා සමග ඇමෙරිකා කණ්ඩායමේ අබේ වැම්බැච් ද තේරි පත්විය. මෙම උත්සවයට පැරණි හා වර්ථමාන ලෝක ප‍්‍රසිද්ධ පාපන්දු ක‍්‍රීඩකයෝ හා ඔවුන්ගේ සුරූපී බිරින්දැවරුද ලෝක ප‍්‍රසිද්ධ පාපන්දු ක‍්‍රීඩිකාවෝ සමග ජාත්‍යයන්තර පුහුණු කරුවන්ද සහභාගි වුහ.