ශිරාන් රණසිංහ
රන් කැබලි මිශ්‍ර පස් පිටරට යවා ඇත්තේ එම රන් කැබලි ඉවත් කර රත්තරන් නිෂ්පාදනය කිරීමට යැයි ශ්‍රී ලංකා රේගුව සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
මෙම රත්තරන් මිශ්‍ර පස් පිටරට යැවීමට පෙර භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ නිලධාරීන් දෙදෙනකු පස් පරීක්ෂණ අවශ්‍ය නැතැයි කියමින් අවසර පත් නිකුත් කර ඇත. එලෙස අවසර දීමට ක්‍රියා කළ කාර්යංශයේ නිලධාරීන් දෙපළගේ වැඩ තහනම් කර ඒ පිළිබඳ පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.
මෙම ජාවාරම මෙරට ව්‍යාපරිකයන් පිරිසක් හා ඉන්දියාවේ රත්තරන් ව්‍යාපාරිකයන් හවුල් වී ඇතැයි හෙළි වී තිබුණද මුදල් විශාල වශයෙන් එහා මෙහා වී තිබීම නිසා පරීක්ෂණ කටයුතුද යටපත් වී අතැයි වාර්තාවේ.