පසුගිය ජනපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව සන්ධාන අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක කටයුතු සඳහා පැහැරගත් බව කියන දරුවකුගේ මව එම නඩුව ඉල්ලා අස්කර ගැනීමට අද (15) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් උසාවියේදී කළ ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඉදිරියේ නඩුව කැඳවා තිබිණි. රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ඩිලාන් රත්නායක මහතා කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන් ජනාධිපතිවරණ පනතේ තවත් වගන්ති කඩකර ඇති බවයි. එහෙයින් පරීක්ෂණ අවසන් නැති බවත් එහෙයින් මවට පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට අවසර නොදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය.
සැකකාර සුදර්මන් රදළියගොඩ ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති හා කාලීන වැඩසටහන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇතුළු 11 දෙනකුට එරෙහිව චෝදනා ගොනු කරන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කීවේය.
නඩුව දෙසැම්බර් 17 වැනිදාට කල් තැබිණි.

