( නිමන්ති රණසිංහ)
බොරැල්ල පොලීසියේ රථවාහන ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්න්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කර සිටි උමේෂ් රත්නායක නැමැත්තා ලක්ෂ 05 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අද නියෝග කර තිබේ.
අද (01) ඔහු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
ස්ථානාධිපතිවරයා පසුගිය මස 23 වැනිදා අලුයම යතුරුපැදියකින් කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී බම්බලපිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව තිබුණි.
අනතුරෙන් ස්ථානාධිපතිවරයා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සතියකින් පමණ අනතුරුව ඔහු මිය ගියේය.

