රථවාහන මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙනත් ගොඩනැඟිල්ලකට


(මනෝප‍්‍රිය ගුණසේකර)
 
කොළඹ රථවාහන මහෙස්ත‍්‍රාත් අධිකරණය භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ලට ගෙන ගොස් ඇතැයි වාර්තා වේ.


තී‍්‍ර පුද්ගල විශේෂ මහාධිකරණය ස්ථාපනය කිරීමට අවශ්‍ය ඉඩ පහසුකම් ලබාගැනීම සඳහා කොළඹ රථවාහන මහෙස්ත‍්‍රාත් අධිකරණය පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ල ලබාගැනීම නිසා කොළඹ රථවාහන මහෙස්ත‍්‍රාත් අධිකරණය භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පවත්වාගෙන ගිය ගොඩනැඟිල්ලට ගෙන ගිය බව වැඩිදුරටත් වාර්තා වේ.