රථවාහන දඩ වලින් කෝටි 8 ක ආදායමක්


(නිමන්ති රණසිංහ)
 
රථවාහන දඩ සම්බන්ධයෙන් ඉකුත් 2017 වසරේදී රුපියල් කෝටි අටකට වැඩි මුදලක්  කොළඹ මහේස්ත‍්‍රාත් රථවාහන අධිකරණයෙන් උපයා ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි. 
 
ඒ අනුව, රථවාහන දඩ සම්බන්ධයෙන් ඉකුත් වසරේ පමණක් රුපියල් අට කෝටි හතලිස් පන්ලක්ෂ හැත්තෑ අට දහස් හත්සියයක (රු. 84, 578, 700.00) මුදලක් රජයට ලබා දී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
 
එසේම, ඉකුත් ඔක්තෝම්බර් මාසයේ දී පමණක් එක්කෝටි පන්ලක්ෂ අසූ හත්දහස් හාරසිය පනහක (රු. 10, 587,450) මුදලක් රථවාහන නඩු සම්බන්ධයෙන් අයකර ඇතැයි ද සඳහන් වෙයි.