(හර්ෂණ තුෂාර සිල්වා)
රථවාහන සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට මහ බැංකුව තීරණය කර තිබේ.
මෙම තීරණය මාස තුනකට බලපැවැත්වෙයි.
මීට අමතරව විදේශ රටවලට ගෙන යා හැකි විදෙස් මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් 5000 කට සීමා කෙරෙන බවද ශ්‍රීලංකා මහ බැංකුව සඳහන් කරයි.
වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම නියෝග ක්‍රියාත්මක කරන ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුව අද (19) සියලු වාණිජ බැංකුවලට උපදෙස් දුන්නේය.
ඒ අනුව රථවාහන හා අත්‍යවශය නොවන භාණ්ඩ ආනයනය සඳහා වාණිජ බැංකුවලින් ණයවර ලිපි නිකුත් කිරීම අත්හිටුවනු ඇත.
කොරෝනා වයිරසය හේතුවෙන් මෙරට ආර්ථිකයට එල්ල වී ඇති පීඩනය අවමකර ගැනීමේ පියවරක් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.
මීට අමතරව වාණිජ බැංකු මගින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර මිලදී ගැනීම තාවකාලිකව අත්හිටුවීමටද ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

