(නිමන්ති රණසිංහ)
පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ සිය සේවාලාභීන් වෙත තොරතුරු සහ උපදෙස් ලබාදීමේ වැඩපිළිවෙළක් මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇතැයි එහි කොමසාරි ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් මහතා පවසයි.
කොරෝනා වයිරසය හේතුවෙන් වාහන ලියාපදිංචි කිරීමේ කටයුතු මෙන්ම රියැදුරු බලපත‍්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නවතා ඇති අවස්ථාවේ නිවසේ සිට රාජකාරි කිරීමේ රජයේ ප‍්‍රතිපත්තියට අනුගත වෙමින් මෙම වැඩපිළිවෙළ ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ. අලහකෝන් මහතා සදහන් කර තිබේ.
ඒ අනුව, වාහන ලියාපදිංචි කිරීම්, රියැදුරු බලපත‍්‍ර නිකුත් කිරීම්, වාහන අංක තහඩු නිකුත් කිරීම් හා වාහන පරීක්ෂා කර කාර්මික වාර්තා ලබාගැනිම ආදී කටයුතු දැනටමත් ආරම්භ කර එහෙත් එම සේවාව සම්පූර්ණ කරගත නොහැකි වූ හා එම සේවාවන් ගැන අවශ්‍ය තොරතුරු ලබා ගැනීම ස`දහා එක් එක් ක්ෂේත‍්‍රයන් පිළිබ`ද වගකීම් දරන නිලධාරීන්ගේ ජංගම දුරකතන සහිතව මෙම නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව එම දුරකත සහිත නිවේදනය මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල වෙබ්අඩවිය වෙත පිවිසීමෙන් ලබා ගත හැකියි.

