(තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක)
රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්වාසීන්ට වෙඩි තැබීයැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින යුද හමුදා සැරයන්වරුන් දෙදෙනා හා කෝප්‍රල් මැයි 03 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය අද(26) නියෝග කළාය.

