ගම්පහ රතුපස්වල වෙනිග්‍රොස් අත්වැසුම් කම්හල සමග ගිවිසුමකට එළැඹි තෙරිපැහැ සිරිධම්ම හිමියන් හිටි ගමන් රතුපස්වලින් බැහැරවීම ගම් පළාතේ බොහෝ දෙනා කණස්සල්ල පළ කළහ.
අද (14) සවස තුනට ගම්පොළදී විශේෂ ප්‍රකාශයක් කරන බව තෙරිපැහැ සිරිධම්ම හිමියෝ එසැණට පැවසූහ.
‘දැන් අපි ඉන්නේ මහ නුවර ප්‍රදේශයේ. අද මා මාධ්‍ය සාකච්ඡාවක් කැඳෙව්වා. ගම්පොළ ධර්මාශ්‍රම විහාරස්ථානයේ දී.
මම මේ දවස්වල අසනීපෙන් ඉන්නේ. මිනිසුන් ඇවිත් කරදර කරනවා. එතකොට වැඩිවෙනවා. පුංචි හාමුරුවරුන් 10 නමක් මාළඟ ඉන්නවා. ඒගොල්ලෝ බලා ගන්න ඕනෑ. දැන් උන ගැනිලා බේත් ගන්නවා. ටික දවසකින් ආයේ රතුපස්වලට එනවා.
මට කිසි ප්‍රශ්නයක් නෑ. මා ගැන පැතිර යන කතා පට්ටපල් බේගල්.‘

