රතුපස්වල සිසුවකු මැරූ තැන වසර තුනකට පසු හෙළිවෙයි


(තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක)
 
වැලිවේරිය රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ජනතාවට යුද හමුදාවෙන් වෙඩි තබද්දී රවිශාන් පෙරේරා සිසුවාට වෙඩි තැබූ ස්ථානය වසර තුන හමාරකට පසු සොයාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සමත් විය.

මේ බව අනාවරණය වුයේ ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ රුවන් පතිරණ මහතා ඉදිරියේ එම පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී ය.

සිද්ධියෙන් මිය ගිය අනෙක් දෙදෙනාට වෙඩි තැබූ හා පහර දුන් ස්ථාන මීට පෙර විමර්ශනය පැවැත්වූ නිලධාරීන් සොයාගෙන තිබුණ ද රවිශාන් සිසුවාට වෙඩි තැබූ ස්ථානය සොයාගෙන නොතිබූ බව රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

එම සිසුවාට වෙඩි තබා ඇත්තේ වැලිවේරිය නගරයේ සිට මඳක් දුරින් පිහිටි අතුරු පාරක ඇතුළට වන්නට බව ද රහස් පොලිසිය අනාවරණය කර ඇත.