රතුපස්වල සිද්ධියේ විමර්ශන අවසන්


(ටෝනි කරුණානායක) 

ගම්පහ රතුපස්වල ජනතාව පිරිසිදු පානිය ජලය ඉල්ලා වැලිවේරිය නගරයේදි සිදු කළ උද්ඝෝෂකයින්ට වෙඩි තබා පහරදී තිදෙනෙකු ඝාතනය කර තවත් පිරිසකට බරපතල තුවාල සිදු කිරීමේ විමර්ශන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව අද (24) ගම්පහ මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ මහතා හමුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත සිටින යුද හමුදා බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන,මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, සැරයන් ලලිත් ග්‍රේ සහ කෝප්‍රල් ජේ.එම් තිලකරත්න සහ සැකකරුවන් සිව්දෙනා අද (24) අධිකරණයේ පෙනී සිටි අතර එම සැකකරුවන් සිව් දෙනාට මාර්තු 28 වැනි දා අධිකරණයේ පෙනී සිටීමට නියම කැරිණි.

වැඩ තහනමට ලක්ව සිටි බ්‍රිගේඩියර්වරයා සහ අනෙකුත් හමුදා සාමාජිකයන්  තිදෙනාව නැවත සේවයේ පිහිටුවා ඇති බවද අධිකරණයේදී සඳහන් විය.