රතුපස්වල වාර්තාවත් ජනපතිට


ජල ගැටලූවක් මුල් කරගෙන පසුගිය වසරේ රතුපස්වල ප‍්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව මානව හිමිකම් කොමිසම සකස් කළ වාර්තාව ඉදිරි සති  දෙක ඇතුළත ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත බාරදීමට නියමිත බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ ප‍්‍රතිභා මහානාම හේවා මහතා පවසයි.

මෙම වාර්තාව කොටස් දෙකකින් සමන්විත වන බවද ඔහු කියයි.