රතුපස්වල පාගමනක්


වැලිවේරියේ රතුපස්වල පානීය ජල ප්‍රශ්නය හා සම්බන්ධ නැදුන්ගමුව වෙනිග්‍රොස් කම්හල ඉවත් කිරීමේ තීරණය ඉක්මනින් ක්‍රියාත්මක කරන ලෙසත්, මහජනයාට නොමිලේ ජලය සපයන ලෙසත් ඉල්ලමින් ගැමියෝ පිරිසක් ගල්ඔළුව ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති තෙරිපැහැ සිරිධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් අද පාගමනක් ගියහ.

රතුපස්වල ක්‍රීඩාපිටියෙන් පාගමන අරඹා කම්හල වටේ යමින් මහානාහිමිවරුනට ඉදිරිපත් සඳහා වන පෙත්සමකට අත්සන් ලක්ෂයක් එකතු කිරීම ඇරැඹීය.