වැලිවේරිය රතුපස්වල ප්‍රදේශයේ පිරිසිදු ජලය ඉල්ලා සිදු කැරුණු උද්ඝෝෂණයේ දී හමුදා වෙඩි තැබීමෙන් තිදෙනකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා වසර දෙකක් පිරීම නිමිත්තෙන් තුවාල ලැබූ පිරිසක් සෙනසුරාදා (02) වැලිවේරියේ දී උද්ඝෝෂණයක් කළහ.
බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන අත්අඩංගුවට ගන්නා ලෙසත්, තුවාලකරුවන්ට වන්දි ලබා දෙන ලෙසත් ඔවුහු ඉල්ලා සිටියහ.

