ඩයනා උදයංගනී
රතු ග්‍රහයා හෙවත් අඟහරු ග‍්‍රහයා මේ දිනවල පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කරන අතර එය හෙට (31) රාත‍්‍රියේදී ඉතා පැහැදිලිව දැක ගැනීමේ අවස්ථාව ශ්‍රී ලාංකිකයින්ට උදාවන බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
එය පෘථිවියට මෙතරම් සමීපයෙන් ගමන් කරන්නේ 2003 වසරෙන් එනම් වසර 15කට පසුව බවත්, මේ දිනවල රාත‍්‍රී අහසේ සඳ හැරුණු විට දිස්වන දීප්තිමත්ම ආකාශ වස්තුව මෙම ග‍්‍රහයා බවත් චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.
ඊට අමතරව හිරු බැසගිය පසු නැගෙනහිර ක්‍ෂිතිජයෙන් උදාවන දීප්තිමත් අඟහරු සමඟ එයට අංශක 30ක් පමණ ඉහළින් සෙනසුරු, බ‍්‍රහස්පති සහ බටහිර ක්‍ෂිතිජයට ආසන්නයේ ඇති සිකුරු යන ග‍්‍රහලෝක ද නැගෙනහිර සිට බටහිරට පිළිවෙලින් චාපයක ආකාරයෙන් දිස්වන දසුනක් මේ දිනවල දැක ගත හැකි බව මහාචාර්යවරයා ප‍්‍රකාශ කළේය.
අඟහරු ග‍්‍රහයා හෙට දිනයේදී පෘථිවියට කිලෝ මීටර මිලියන 57.6ක් දුරින් ගමන් ගන්නා අතර මෙම විශාල දුරේක්‍ෂ මගින් මෙම ග‍්‍රහලෝක ජනතාවට දැකගැනීමට අවස්ථාව ලබාදීමේ රාත‍්‍රී අහස නිරීක්‍ෂණ කඳවුරක් හෙට (31) රාත‍්‍රී 7.00 සිට 10.00 දක්වා කොළඹ විශ්ව විද්‍යාල ක‍්‍රීඩා පිටියේදී පැවැත්වෙන බව ද මහාචාර්යවරයා කියා සිටියේය.
මීට අමතරව අගෝස්තු පළමු වැනි දා පොළොන්නරුව විජිත මධ්‍ය මහා විද්‍යාලයේදී වැනිදා සහ ත‍්‍රිකුණාමලය සිංහල මධ්‍ය මහා විද්‍යාලයේදී රාත‍්‍රී 7.00 සිට 9.00 දක්වා අහස නිරීක්‍ෂණ ක`දවුරු පැවැත්වෙන බව ද චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.