රත්වත්තේ ඉල්ලීම ඉවතට


හිටපු ආරක්ෂක ඇමැති ජනරාල්  අනුරුද්ධ රත්වත්තේට එරෙහි වත්කම් නඩුව ඉවත දමන්නැයි ඔහුගේ නීතිඥයන් කළ ඉල්ලීම  ඉවත දැමූ කොළඹ මහාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ මහතා ඔහුට දැන්වූයේ ලබන 21 වැනි දා නඩු විභාගය ඇරැඹුණු විට ඔහු සාක්කි  කැඳවන්නේ ද නොඑසේ නම් ඔහු සාක්කි දෙන්නේ ද එසේත් නැත්නම් විත්ති කූඩුවේ සිට ප‍්‍රකාශයක් කරන්නේ ද යන්න දන්වන ලෙසයි. 1997 මාර්තු 31  2002 අගෝස්තු 31 කාලයේ දී රුපියල් තුන්කෝටි තිස් ලක්ෂයක් සහ රුපියල් ලක්ෂ දොළහමාරක වත්කම් සොයාගත් හැටි පෙන්නීමට අපොහොසත් වීම නිසා නීතිපති මෙම නඩුව ගොනු කෙළේය.