රත්මලානේ උකස් ආයතනයක කෝටි 2 ක රන් බඩු සොරු ගනිති


( බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රත්මලාන බෙලෙක් කඩේ හන්දියේ පිහිටි  රන්භාණ්ඩ  උකස්  ආයතනයකින්  රුපියල් කෝටි 2  පමණ වටිනා රන් භාණ්ඩ  සොරාගෙන ගොස් ඇතැයි ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
 
තෙමහල් ගොඩනැගිල්ලක පිහිටා තිබෙන මෙම ආයතනයේ දෙවන මහලේ ඇලුමිනියම් අල්මාරියක ලාච්චු දෙකක් තුළ මෙම රන් භාණ්ඩ තබා තිබී ඇතැයි පොලිසිය කියයි.
  
එහි සේවකයන්  එම ආයතන වෙත පැමිණීමේ දී දෙවන මහලේ දොර විවෘත කර තිබුණ දැක විමසිලිමත් වීමේදී රන් භාණ්ඩ බහා තිබූ අල්මාරියේ ලාච්චු විවෘත කර ඇති බව දැක ඒ බව පොලිසියට දැනුම් දී ඇත .