
(ඉන්දිකා රාමනායක)
සංවිධානාත්මක අපරාධ කරුවකු මෙන්ම ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන රත්මලානේ අංජු නැමැත්තාගේ ඥාති පුතතු රුපියල් ලක්ෂ 14 ක මුදලක් සමග මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
මොහු සමග ඔහුගේ බිරිඳ වන මෝස්තර නිරූපිකාවක් බව කියන කාන්තාවක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
පොලිස් නිලධාරීන් ඊයේ (6) පස්වරුවේ මෙම නිවස වටලන අවස්ථාවේ දී එහි ඇදක් මත වාඩිවී මෙම මුදල් ගණන් කරමින් සිටි බවත් ඒ ආසන්නයේ මුදල් ගණනය කිරීමේ යන්ත්‍ර තුනක්, ජංගම දුරකථන හතරක් තිබු බවත් පොලිසිය පැවසීය.
සැකකරුගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් ගණනය කරන්නකු වශයෙන් කටයුතු කර ඇති බව ද බවද පොලිසිය පවසයි.
මෙම නිවසට විවිධ වාහනවලින් පුද්ගලයන් පැමිණ මුදල් ලබා දෙන බවත් ඔහු ඒවා ගණනය කිරීමෙන් පසු වෙනත් පුද්ගලයන් පැමිණ රැගෙන යන බවද පොලිසිය පවසයි. සැකකරු මුස්ලිම් නමකින් පෙනී සිටි බවද පොලිසිය කියයි.

