රත්මලාන ගුවන් තොටේ පහසුකම් වැඩි කරයි


(අංජුල මහික වීරරත්න)

රත්මලානෙහි පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන්තොටු පොළෙහි ගුවන් තොටුපොළ පහසුකම් සංකීර්ණයක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රත්මලානේ පිහිටි කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙහි ගුවන් තොටුපොළ පහසුකම් සංකීර්ණයක් ඉදිකිරීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස 2019 - 09 -17 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. 

ඒ අනුව, ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවීම සිදු කරන ලදුව, ලංසුකරුවන් නව දෙනෙකු විසින් සිය ලංසු ඉදිරිපත් කරනු ලැබ ඇත. එකී ලංසු ඇගයීමෙන් පසු අදාළ ලංසු ඇගයීමේ කමිටුව හා ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දෙන ලද නිර්දේශ මත පදනම්ව අවම ලංසුකරු වන Sanken Construction (Private) Limited වෙත අදාළ කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 3,046.29 ක (එකතු කළ අගය මත බදු රහිත) මුදලකට පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.