(අජිත්ලාල් ශාන්තඋදය සහ ලසන්ත නිරෝෂණ)
රත්නපුරයේ ස්ථාන කිපයක සිදු වූ නාය යාමෙන් දැරියක මියගොස් තවත් අයකු අතරුදහන්ව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්තානය කියයි.
නාය යාමෙන් නිවාස දෙකකට හානි සිදුව ඇති අතර පාදුක්ක වෑවිල මාර්ගයේ ගමනා ගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇතැයි ද එම මධ්‍යස්ථානය කියයි.
රත්නපුර අයගම දුම්බර ප්‍රදේශයේ නිවසක නාය යාමෙන් එම නිවසේ සිටි 16 හැවිරිදි දරුවකු ඊට යට වි ඇති අතර පැය කීපයකට පසු දැරියගේ සිරුර සොයාගත් බව පොලිසිය පවසයි.
මේ අතර නායයාම සිදුවු ස්ථානයෙන් ගමන් ගත් 70 හැවිරිදි තැනැත්තකු ගැන ද තොරතුරක් නැති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දකුණු කරඳන ප්‍රදේශයේ නිවසක් ද නායයාමට අසුව හානි සිදුව ඇත.
වෑවල පාදුක්ක මාර්ගයේ කරඳන ප්‍රදේශයේ මාර්ගය නායගොස් ඇති අතර එම ප්‍රදේශවල පදිංචිව පවුල් සියයක් පමණ තාවකාලිකව එම ප්‍රදේශවලින් ඉවත් කළ බව ඇහැළියලොඩ ප්‍රාදේශීය ලේකම් චම්පික නිරෝෂ් ධර්මපාල මහතා කියයි.
රත්නපුර නගරය ආසන්නයේ පිහිටි රත්නපුර දෙමළ විද්‍යාලයේ ගොඩනැගිල්ලකට පස් කණ්ඩියක් කඩා වැටී හානි සිදුව ඇති බවද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.







