රත්නපුරේ ප‍්‍රදේශ 7ක නාය යෑමේ අනතුරු අඟවයි



 
(අජිත්ලාල් ශාන්තඋදය)


රත්නපුර දිස්ත‍්‍රික්කයේ අයගම, නිවිතිගල, කොළොන්න, කලවාන, කිරිඇල්ල, පැල්මඩුල්ල සහ කහවත්ත යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ අවට ප‍්‍රදේශවල නායයාම් ඇතිවිය හැකි බවට ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය අද (21) අලූයම 05.00ට පමණ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරනු ලබයි.

මෙම අවදානම ඉදිරි පැය විසි හතර පුරාවට බලපාන බවද නිවේදනයේ දැක්වේ.

මෙම ප‍්‍රදේශ වලට මිලිමීටර් සියයකට වැඩි වර්ෂාවක් ඇදහැලූන හොත් නායයාම් ඇතිවිය හැකි බව එම නිවේදනයේ තවදුරටත් දැක්වේ. 

ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානයේ රත්නපුර දිස්ත‍්‍රික් ඉංජිනේරු අභිත වනසුන්දර මහතා නායයාමේ අවදානම බවට හඳුනාගෙන නම්කර ඇති ස්ථානවල අනාරක්‍ෂිතව වෙසෙන ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් හැකි ඉක්මණින් ආරක්‍ෂක ස්ථානවලට යන මෙන් දන්වා සිටී.