(තුෂාර හෙට්ට්ආරච්ච්)
රත්නපුර දිස්ත්‍රික්කයට මේවන විට ඇද හැලෙන අධික වර්ෂාව නිසා ඉදිරියේදී අපදා තත්ත්වයක් ඇති වීමට හැකි බව රත්නපුර ආපදා මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ මුදිත මංජුල මහතා පවසයි.
පැල්මඩුල්ල සහ රත්නපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ඉවුරු කඩා වැටිම් සහ සුළු ගං වතුර තත්වයන් නිසා පවුල් 60ක් පීඩාවට පත්ව ඇති අතර එම පවුල් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.මේ නිසා පීඩාවට පත් පිරිස 172 කි.
පැල්මඩුල්ල ප්‍රදේශයේ අද(24) පස්වරු 2.30 සිට පමණ ඇද හැලුණු වර්ෂාව හේතුවෙන් පාලුගම්පොළ නිවාස හතක් සහ මාෂල් වැලි ප්‍රදේශයේ නිවාස අටක් නාය යෑමේ අවධානමට ලක් ව ඇත.
මෙම නිවාසවල පදිංචිකරුවන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරවීමට අපදා කළමනාකරණ නියෝජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්ද මහතා මැදිහත් විය.
ඔවුන් සඳහා පිසු සහ වියළි ආහාර ලබා දීම රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතාගම මහත්මියගේ උපදෙස් පරිදි පැල්මඩුල්ල වැඩ බලන ප්‍රාදේශිය ලේකම්වරයා විසින් කරනු ලැබේ.

