රත්නපුරේ නාය අවදානමේ සිටින ජනතාවට ඉවත් වෙන්න’යි කියයි


( උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම සහ ලසන්ත නිරෝෂන පෙරේරා )

පසුගිය පැය 24 තුළ වර්ෂාපතනය සළකාබලා මිලිමීටර් 150 ඉක්මවා ඇති රත්නපුර දිස්ත්‍රික්යේ රත්නපුර, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නාය යාම් අධි අවදානම් කළාපයේ ජීවත් ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනය තවදුරටත් දීර්ඝ කරන බව අද දින (21) නිවේදනය කර ඇත.

ඊයේ දින දක්වා නායයාම් අධිඅවදානම් කලාපවල ජීවත්වන ජනතාවට එම ප්‍රදේශවලින් ඉවත්වීමේ නිවේදන නිකුත් කර තිබු රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අවදානම් නිවේදන නිකුත් කර ඇත. 
 
රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක, බලංගොඩ, කුරුවිට, ඇහැලියගොඩ, පැල්මඩුල්ල, සහ නිවිතිගල  කොට්ඨාශවල නායයාම් අවධානම් කලාප වල ජීවත් වන ජනතාව තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වීමට සුදානම් වෙන ලෙස නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයේ   නායයාම් බැවුම් කඩාවැටීම්, ගල්පෙරලීම්, පස්කණ්ඩි කඩාවැටීම් සහ පොළව ගිලාබැසීම් අවදානම කළාප වශයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නම්කර ඇති ප්‍රදේශ වල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කරන ලෙසත් ඉදිකිරීම් හෝ වෙනත් සංවර්ධන කටයුතු සදහා පස් කන්ඩි කපා ඇති පිරිස ඒපිළිබද අවධානය යොමු කරන ලෙසත් විශේෂයෙන්ම නායයාම් පුර්ව ලක්ෂණ නිරීක්ෂණය වේ නම් එම ස්ථානවලින් හැකි ඉක්මනින් ඉවත්වීමට කටයුතු කරන මෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දන්වා සිටී.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කිරීමට අවශ්‍ය නිසා ඇතිවිය හැති අවදානම් තත්වය පිලිබද නිරන්තරයෙන් ජනතාවගේ අවධානය යොමු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
 
පවතින කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවිය හැකි ආපදා පිළිබදව දැනගැනීම සදහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකයෙන් විමසන ලෙස තවදුරටත් ජනතාවට දන්නවා සිටී