(අජිත්ලාල් ශාන්තඋදය)
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා රත්නපුර සහ බළන්ගොඩ යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙක නායයාමේ අවදානම් කලාප ලෙස පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
පවතින අධික වැසි හෙතුවෙන් මෙම පූර්ව නායයාමේ අවදානම් නිවේදන නිකුත් කළ ප‍්‍රදේශවල නායයාමේ පූර්ව ලක්‍ෂණ ඇත්නම් අවධානයෙන් පසුවැන්නැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම ප්‍රදේශයේ පොළවේ ඇතිවන ගිලා බැසීම්, ක‍්‍රමයෙන් ඇලවී යන ගස්, විදුලි කණු, වැටවල්, දුරකතන කුලූණු, ආදී සිරස් විහිදුමක් සහිත ගොඩනැගිලි ආදිය පිළිබදවත් ගොඩනැගිලි බිත්ති, ගෙබිම මත ඇතිව ඉරිතැලීම්, ඒවායේ ක‍්‍රමික වර්ධනයවීම්, එක්වර ජල උල්පත් මතුවීම හා පැරණි ජලඋල්පත් එකවර සිදී යාම හෝ නැතිවී යාම ජලඋල්පත් වලින් බොරවතුර මතුවීම නායයාම් ආපදා පූර්ව ලක්‍ෂණයක් විය හැකි බව එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
ඉහත ආකාරයේ ලක්‍ෂණ මතුවන්නේ නම් වහාම ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන, ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය දැනුවත් කරන ලෙසත්, ඉක්මනික් අවදානමින් මිදීම සදහා සදුසු ක‍්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසත් ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

