රත්නපුර රැල්ලට ශ්‍රීලනිප තහංචි නෑ


බ්‍රහස්පතින්දා (27) රත්නපුරයේදී පැවැත්වීමට නියමිත ජනරැලියට තමාත් මන්ත්‍රී ජානක වක්කුඹුර ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් නියත වශයෙන්ම සහභාගිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද (25) මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.

එම රැලියට සහභාගී නොවන ලෙස වාචිකව හෝ ලිඛිතව පක්ෂයේ කිසිදු දැනුම්දීමක් නොමැති බවත් ඊට නිදහසේ සහභාගීවීමට ඉඩදීම සම්බන්ධයෙන් ජාතික ආණ්ඩුවටත් පක්ෂයටත් ස්තූතිවන්ත වන බවද ඒ මහතා කීවේය.

එම අවස්ථාවට රොෂාන් රණසිංහ සහ ගාමිණී ලොකුගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද සහභාගීවී සිටියහ.