(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර දිස්ත‍්‍රික්කයේ මහ වැසි ඇදහැළුන හොත් අවදානම් බැවින් මේ වනවිට හඳුනාගත් ස්ථානවලින් වහා ඉවත්වන්නැයි ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයි.
පැය විසි හතරක කාලයක් තුළ මිලමීටර් 75ට වැඩි වර්ෂාවක් ලැබෙන්නේ නම් මේ අවදානම වැඩි බව ද එම සංවිධානය පවසයි. ඇහැලියගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ අවට ප‍්‍රදේශ වල අද(17) දහවල් වන විටත් නායයාමේ අවදානම් තත්ත්වයක් තිබූ බවට එම සංවිධානය නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනයක දැක්වේ.
රත්නපුර දිස්ත‍්‍රිකකයේ බොහෝ ප‍්‍රදේශවලට බලපෑ දරුණු වැසි තත්ත්වයන් මේ වනවිට පහව ගොස ඇතිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව කළු, කුරු, දෙනවක්, වේ, හංගමු ආදී ගංගා වල ජල මට්ටම් සැලකිය යුතු ප‍්‍රමාණයකින් අඩුවී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
මේ නිසා ජලයෙන් යටව තිබූ පහත්බිම් මාර්ග රැසක වාහන ගමනාගමනය යථා තත්ත්වයට පත්ව ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය ප‍්‍රකාශකයෙක් පැවසුවේ ය. කිරිඇල්ල අයගම මාර්ගයේ ජලය ද බැසගොස් ඇති බව එම ප‍්‍රකාශකයා පැවසීය.

