(අජිත් ලාල් ශාන්තඋදය)
රත්නපුර මහ නගර සභාවට නගරාධිපතිවරයෙක් තෝරාපත්කර ගැනීම සඳහා පැවති රහස් ඡන්දයේදී ඡන්ද 12ක් ලබාගත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඒ.එම්.ටිරොන් හිරන්ත අත්තනායක මහතා නගරාධිපතිරයා ලෙස අද(28) තේරීපත් විය.
සබරගමු පළාතේ පළාත් පාලන කොමසාරිස් බී.ඒ.සී.පී. බමුණුආරච්චි මහතාගේ ප‍්‍රධානත්වයෙන් නගරසභාවේ දී මෙම තෝරාපත් කරගැනීම සිදුවිය.
නගරාධිපතිධූරය සහ උප නගරාධිපති ධූරයට රහස් ඡන්ද අවශ්‍ය බවට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයින් ඉල්ලා සිටියේය.
අනතුරුව රහස් ඡන්දයක් පැවැත්විය යුතු ද නැද්ද යන්න දැනගැනීමට ඡන්දයක් විමසූ අවස්ථාවේ නගරාධිපතිවරයෙක් තෝරා පත් කර ගැනීමට රහස් ඡන්දයක් පැවැත්වීම සම්බන්‍ධයෙන් සභිකයන්ගේ බහුතර කැමැත්ත පළවිය.
උපනගරාධිපතිධූරයට රහස් ඡන්දයක් අවශ්‍ය බවට වු යෝජනාවට සමාජ ඡන්ද සංඛ්‍යාවක් ලැබුණ අතර කුසපත් ඇදීමේදී රහස් ඡන්දයකට යාමට තීරණය විය.
ඒ අනුව පැවැත්වූ රහස් ඡන්දයේදී නගරාධිපතිධූරයට තරග කළ සෙසු අපේක්‍ෂකයා වූ චන්‍ද්‍රසිරි අතුකොරළ මහතාට හිමිවූයේ ඡන්ද 11කි. එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වු අතර ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දීමෙන් වැළකි සිටියේ ය.
උපනාගරාධිපතිරයා තෝරා ගැනීමේ රහස් ඡන්දයෙන් ඡන්ද දහතුනක් ලබාගත් එක්සත් ජාතික පක්‍ෂයේ එම්.ඒ.මුණසිංහ මහතා නියෝජ්‍ය නගරාධිපති ලෙස නම් කෙරුණි. උප නගරාධිපති ධුරයට එක්සත් ජනතා නිදහස් සංධානයෙන් තරග කළ උපාලි මිගහපොළ මහතාට ලැබී තිබුණේ ඡන්ද 10කි.
එක් ඡන්දයක් ප‍්‍රතික්ෂේප වී තිබූ අතර ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
නගරාධිපතිධූරයට පත් ටිරොන් හිරන්ත අත්තනායක මහතා මුවගම කොට්ඨාසයෙන් තරග කර ඡන්ද 760ක් ලබා ගෙන තිබුණි.
ඔහු සමග නගරාධිපතිධූරයට තරග වැදුණ චන්‍ද්‍රසිරි අතුකෝරළ මහතා කොස්පැලවින්න කොට්ඨාසයෙන් තරග කරඡන්ද 1484ක් ලබා සභිකයෙක් ලෙස තේරීපත්ව සිටියේය. නියෝජ්‍ය නගරධිපතිධූරයට පත් එක්සත් ජාතික පක්‍ෂයේ ලක්‍ෂමන් මුණසිංහ මහතා කොස්පැලවින්න කොට්ඨාසයට තරගකර ඡන්ද 1138ක් ලබාගත්ත ද පරාජයට පත්විය.
පසුව ලැයිස්තුවෙන් ඔහු සභියෙක් ලෙස පක්‍ෂ ලේකම්වරයා විසින් නම්කර තිබුණි. ඔහු රත්නපුර නගර සභාවේ හිටපු විපක්‍ෂනායකවරයාද වෙයි.