(ලසන්ත නිරෝෂණ පෙරේරා )
රත්නපුර දිස්ත්‍රික්කයට බලපෑ ආපදා තත්ත්වය නිසා පවුල් 4,495 ක පුද්ගලයින් 16,863 දෙනෙකු පිඩාවට පත්වි සිටින බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය .
දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය ගැන මෙම අලුත්ම තොරතුරු අද ( 21) පස්වරුවේ දි වාර්තා වු බව දිස්ත්‍රික් ලේකම්වරිය සදහන් කළාය.
දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීන් මගින් මෙම සංඛ්‍යා ලේඛන ලබාගෙන තිබේ .
රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 575 ක් පවතින අතර21 වනදා වන විට ඉන් වසම් 258 කින් ආපදා සිදුවීම් වාර්තා වි තිබේ .
දිස්ත්‍රික්කයේ මේ වන විට ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 03 ක් වාර්තා වී ඇති අතර මරණ 02 ක් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයෙන් ද, අනෙක් මරණය පැල්මඩුල්ල කොට්ටාසයෙන් ද වාර්තා විය. පූර්ණ හානි වූ නිවාස 19 කි. අර්ධ හානි වූ නිවාස 1464 කි.
දිස්ත්‍රික්කයේ වෙනත් දේපල හානි 18 ක් වාර්තා වී ඇත. ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 321 ක පුද්ගලයින් 1110 ක් සිය ඥාති නිවාසවල සිටිති. එමෙන්ම සුරක්ෂිත මධ්‍යස්ථාන 07 ක පවුල් 34 ක පුද්ගලයින් 142 දෙනෙකු ද සිටින බවද දිස්ත්‍රික් ලේකම්වරිය ප්‍රකාශ කළාය.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගංවතුර තත්ත්වය ඊයේ දිනයේදී ත් දකින්නට තිබුණි .කළු ගගේ ජලය බැසයන විට කිරිඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ස්ඨාන කිපයක් යටවිම ඊට හේතුවයි.

