රත්නපුර නාය යාමේ අවදානමක්


(ඩයනා උදයංගනී)
 
ඇතිවූ තද වැසි හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයෙහි නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
 
එම දිස්ත‍්‍රික්කයට අද (18)  දිනය තුළ මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිව ඇති අතර ඒ හේතුවෙන් මෙම නායයෑමේ අවදානම මතුව ඇති බව එම සංවිධානය සදහන් කරයි.
 

විශේෂයෙන්ම එම දිස්ත‍්‍රික්කයේ රත්නපුර, බලංගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි සහ රත්නපුර වේවැල්වත්ත මාර්ගයෙහි දැඩි නායයෑමේ අවදානමක් මතුව තිබේ.