රත්නපුර ඔසුසල්-ආහාර අලෙවිසල් පමණක් විවෘත කරන්නැයි උපදෙස්



(අජිත් ලාල් ශාන්ත උදය)

ඇඳිරි නීතිය ඉවත් කළ වහාම රත්නපුර දිස්ත්‍රික්කයේ ඖෂධහල් හා අතවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළඳසැල පමණක් විවෘත කිරීමට කොරෝනා වයිරස මර්ධන රත්නපුර දිස්ත්‍රික් කමිටුව තීරණය කර තිබේ.

ලබන සඳුදා (23) ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු මෙම වෙළදසැල් පමණක් විවෘත කරන බවට අද(21) දිස්ත්‍රික පුරා ජනතාව දැනුම්වත් කිරීම එම කමිටු වැඩසටහන මගින් සිදු කෙරේ.

රත්නපුර දිස්ත්‍රික් ලේකම්,නියෝජ්‍ය පොලිස්පති, පළාත් ප්‍රධාන ලේකම් සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ මෙම කමිටුවේ සාමාජිකයෝ වෙති.