රත්නපුර අපදාවට ලක් වූ පවුල් 30 ක් සුරක්ෂා මධ්‍යස්ථාන 6 ක


(අජිත්ලාල් ශාන්තඋදය)
 
වැසි සහිත කාලගුණ තත්ත්වය රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් පහව ගොස් ඇතත් නායයාම්, තද සුළං සහ ගංවතුර හේතුවෙන් ආපදාවට පත් පවුල් 30ක පුද්ගලයින් 122ක් අද(24) උදෑසන වනවිටත් සුරක්‍ෂා මධ්‍යස්ථාන 6ක රැදි සිටින බව රත්නපුර දිස්ත‍්‍රික් මාලනී ලොකුපෝතාගම මහත්මිය පැවසුවාය.

බළන්ගොඩ සහ පැල්මඩුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වල සුරක්‍ෂා මධ්‍යස්ථාන දෙක බැගින් හතරක ද, අයගම, රත්නපුර කොට්ඨාසවල එක බැගින් සුරක්‍ෂා මධ්‍යස්ථාන දෙකක ද මෙම පිරිස රදවා සිටී.
 
පසුගිය 19දින සිට ගෙවුනු දින පහ තුල ගංවතුර සහ නායයාම් හේතුවෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස දාහතේම පවුල් 5124ක පුද්ගලයින් 19337ක් ආපදාවට ලකවූ බවද දිස්ත‍්‍රික් ලේකම්වරිය පෙන්වා දුන්නාය.
 
මරණ තුනක් සිදුවී නිවාස විසි පහකට පූර්ණ හානි සිදුව නිවාස 1954කට අර්ධ හානි සිදුව ඇති බවද ඇය පෙන්වා දුන්නාය. 24දා පෙරවරු 06.30 වනවිට කලූගෙග් රත්නපුර මුවගම පිහිටි ජල මාපකයේ මීටර් 1.71 හෙවත් අඩි 05යි අගල් 07ක ජල මට්ටමක් පෙන්නම් කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේය.
 
රත්නපුර දිස්ත‍්‍රික්කයට 24දින තුළ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඇතැම් අවස්ථාවල එය මිලි මීටර් 75 ඉක්මවිය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇ`ගවීය. 24දා උදෑසන 06.30 වන විට කලූගග ඉහළ ප‍්‍රදේශවල අදුරු වළාකුලූ සහිත අහස දිස්විය. තැනින් තැන සුලූ වැසි ද ඇතිවිය.
 
ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය රත්නපුර, කලවාන,  ඕපනායක, බළන්ගොඩ, නිවිතිගල සහ පැල්මඩුල්ල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට නාය යාමේ දෙවන මට්ටමේ අනතුරු ඇගවිම් නිකුත් කර ඇති අතර එය 24දා දහවල් 02.30 තෙක් බලපාන බවද සදහන් කර ඇත.