රත්තොට විදුහල්පති රිමාන්ඩ්


රත්තොට දික්කුඹුර විද්‍යාලයයේ සිසුවකු අඹ ගසකින් වැටී මිය යෑම සම්බන්ධයෙන් සැකපිට එහි විදුහල්පති සී බී හුලංගමුව මාතලේ මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා විසින් ලබන 04 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

ඉකුත්  සිකුරාදා (27)  පාසල්වත්තේ අඹ  ගසකින් ඇද වැටී බරපලත තුවාල ලබා මිය ගිය මාතලේ රත්තොට දික්කුඹුර විද්‍යාලයයයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබු කසුන් බුද්ධික රණතුංග සිසුවාගේ මරණය සම්බන්ධයෙන් පාසල් සිසුන් කිහිප දෙනකුගෙන් ලබා ගත් සාක්කි මත විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි.