රත්තරන් සොයන්න ගෙන ආ ස්කෑනර් යන්ත්‍රයක් සමඟ 5 ක් අත්අඩංගුවට



 
රොමේෂ් මධුෂංඛ


කිලිනොච්චිය පරන්තන් ප්‍රදේශයේ දී අධිබලැති ස්කෑනර් යන්ත්‍රයක් තබාගෙන සිටි පස් දෙනෙකු අද (2) උදෑසන අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.


කිලිනොච්චිය පොලීසියට ලැබුණු තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පරන්තන් ප්‍රදේශයේ පිහිටි නිවසක් සෝදිසි පරික්ෂාවකට ලක් කිරීමේදී එහි සඟවා තිබූ අධි බලැති අධි තාක්ෂණික ස්කෑනර් යන්ත්‍රයක් නිවස තුළ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බවට කිලිනොච්චිය පොලීසිය කියයි.


ස්කෑනර් යන්ත්‍රය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී නිවස තුළ සිටි පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එයින් යාපනය තිරුනෙල්වේලි ප්‍රදේශයේ දෙදෙනෙකු ද කිලිනොච්චිය පලෙයි ප්‍රදේශයේ එක් පුද්ගලයකු ද පරන්තන් ප්‍රදේශයේ තවත් දෙදෙනෙකු ද පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.


අදාළ ස්කෑනර් යන්ත්‍රය යොදා ගනිමින් කිලිනොච්චිය ප්‍රදේශයේ ඇතම් ස්ථාන රත්තරන් පරික්ෂා කර ඇති බවට මේ වන විට තොරතුරු ලැබී ඇති අතර සැකකරුවන්ගෙන් මූලික ප්‍රශ්න කිරීම් සිදු කර කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන කිලිනොච්චිය පොලීසිය වැඩිදුරටත් පවසයි.