රත්තරන් සමඟ ලාංකිකයෙක් රේගුවේදී අත්අඩංගුවට


(ටී.කේ.ජී.කපිල )  
 

රත්තරන් කැබලි තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු කොළඹ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙකි.
 
ඔහු සතුව තිබී  ග්‍රෑම් 225 ක් බර රත්තරන් මෙම කැබලි  සොයාගෙන ඇති අතර  ඒවායේ මුළු වටිනාකම රුපියල්  13,46,100 ක් පමණ වටිනා බව රේගුව පවසයි.
 
ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 274 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි වෙත යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
 

ඔහු විසින් ගෙන ආ ගමන් මල්ලේ එල්ලා ගෙන යන අත් කොටසේ රන් බිස්කට් 03 ක් සහ තවත් කුඩා රන් කැබලි 03 ක් සඟවා ගෙන සිටින බව ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් කළ ස්කෑන් පරීක්ෂණ වලදී අනාවරණය කර ගෙන  තිබු අතර  ඉන් අනතුරුව සැකකරු වැඩි දුර පරීක්ෂණ සඳහා ගමන් මල්ල සමඟ ගුවන්තොටුපොළ නිලධාරීන්ට බාර දී තිබේ.