රත්තරන් පොරවාගෙන යන්න බැරි වේ


රුපියල් විසිනම ලක්ෂ තිස් දහසක් වටිනා මතුපිටින් රිදී ආලේප කළ  රන් ආබරණ පැළඳ  ඉන්දියාවේ චෙන්නායි බලා යාමට උත්සහ කළ ඉන්දීය ජාතිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදි  අද  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

 රිදී ආලේප කළ රන් වළලක් සහ මාලයක්ද, නිම නොකල රන් මාලයක්ද  සැකකරු  ලග තිබුනු බවත්  එහි  බර ග්‍රෑම් පන්සිය අසූ හයක් වූ බවත්  රේගුව කියයි.

ඉන්දියාවේ චෙන්නායි නුවර පදිංචි සැකකරු හතලිස් අට වියේ පසුවන බවත් ඔහු නිතර නිතර  ශ්‍රී ලාංකාවට පැමිණ ඇති බවත් රේගුව විසින් අනාවරණය කරගෙන ඇත.

රේගුව විසින්  සැකකරුගෙන් දිර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදි තමන් කුලී පදනම මත රන් ප්‍රවාහනය කරන බව  පවසා ඇත. 

 මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ අධික්ෂනය යටතේ  නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඩී.එන් හෙට්ටි ආරච්චි, රේගු අධිකාරීවරුන් වන  ඩී.එම්.ජී නිමල් තිලක්, එච්.කේ.කේ කරුණාසේකර සහ සහකාර රේගු අධිකාරීවරුන් වන ඒ.එම්.ටී.බී අධිකාරම්, සී.ෙජ් අබේසිරිගුණවර්ධන, පී.අයි  උදය, එච්.ඒ.ඩී.ඩී දේවන්ත, ඩී.එම්.කේ ප්‍රනාන්දු සහ අසංක ප්‍රියදර්ශන යන නිලදාරීහු සිදු කරති.