රත්තරන් කූරු තොගයක් අත්බෑගයේ තිබී අත්අඩංගුවට


(ටී.කේ.ජී.කපිල )
 
                 
තම ගමන් බෑගය එල්ලා ගෙන යන අත් දෙක (හැඩලය) තුළ රත්තරන් කූරු දෙකක් සඟවා ගෙන , නීතිවිරෝධී ලෙස ඉන්දියාවට යෑමට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියකු කටුනායක ගුවන් තොටුපොළේ දී ඊයේ (24) සවස අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.
 
                  
මොහු 40 හැවිරිදි කොළඹ , පිටකොටුව ඩයස් පෙදෙසේ පදිංචිකරුවෙකි . 

                   
සැකකරුගේ  ගමන් බෑගයේ සඟවා ගෙන තිබූ රත්තරන් කූරු වල මුළු බර ග්‍රෑම් 122 කි. ඒවායේ මුළු වටිනාකම රුපියල් 6,71,500 ක් බව රේගුව පවසයි