(කටුනායක ටී.කේ.ජී.කපිල )
රුපියල් තුන් කෝටි හැට ලක්ෂයක් (3,60,00,000) ක් වටිනා එකක් ග්‍රෑම් 100 බැගින් වන රත්රන් කැබලි 60 ක් සමග ආගමන - විගමන නිලධාරියෙකු රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපොළේ දී ඊයේ (22) දින රාත්‍රී අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
මොහු කොළඹ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි .
ඊයේ (22) රාත්‍රී 11.30 ට පමණ ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් ලබා දුන් තොරතුරු මත, රේගු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබේ .
මෙම රත්තරන් විදේශික ජාවාරම්කරුවෙකු විසින් මෙම ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයාට ලබා දී ඇති බවත්, එතැන් සිට මෙම රත්තරන් තොගය ශ්‍රී ලංකාව තුළට මොහු විසින් රැගෙන යන බවත් සිදු කරන ලද මූලික රේගු පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ .
මීට පෙර ද මේ ආකාරයට එක් වතාවක් රත්තරන් තොගයක් ගුවන් තොටුපොළෙන් පිට කළ බවත්, මෙවර මේ පිට කිරීම සඳහා රුපියල් ලක්ෂයක් දෙන බවට පොරොන්දු වී තිබුණ බවටත් මෙම නිලධාරීවරයා රේගුව හමුවේ ප්‍රකාශ කර තිබේ .
එහෙත් මෙම ජාවාරම කලක සිටම කටුනායක ගුවන් තොටුපොළ තුළ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරී ඇති බවට රේගුවට විවිධ තොරතුරු මගින් දැන ගැනීමට ලැබී ඇති බවද රේගුව සඳහන් කරයි.
මෙම නිලධාරීවරයා නීතිඥවරයෙකු ද ඊයේ (22) රාත්‍රීයේම ගුවන් තොටුපොළ වෙත කැඳවා ගනිමින් මෙයින් ගැලවී යාමට බලවත් ප්‍රයත්නයක්ද දරා තිබේ .
කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ ඕ.එම්.ජාබීර් මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ විපුල මිනුවන්පිටිය මහතා ඇතුළු රේගු නිලධාරිහු මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටිති .