රත්තරං කටක් ගුවන් තොටේ


රුපියල් ලක්ෂ 11 වටිනා රන්  ග්‍රෑම් 360 ක් කටේ සඟවාගෙන  ඉන්දියාවට පැමිණි ශ්‍රී ලාංකිකයකු  එරට ත්‍රිවේන්ද්‍රපුරම්  ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගත් බව  චෙන්නායි ශ්‍රී ලංකා  නියෝජ්‍ය මහ කොමසාරිස් ආරංචි මාර්ග පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් මන්සුර්  නැමැති ලාංකිකයෙකි.