අතුරුදන්ව සිටි රත්ගම සිසුවාගේ සිරුර ගිංතොට පාළමට පහළින් ගිං ගඟේ තිබී සොයාගත් බව පොලිසිය කියයි. ඔහු පසුගිය 25 දා සවස පියා සමග උපකාරක පන්තියකට ගොස් නැවත නිවසට පැමිණ නැත. ඔහුගේ පොත් බෑගය ගිං ගඟේ කෝච්චි පාලමේ එල්ලා තිබිය දී සොයා ගැණිනි. එහි ‘‘සමාවෙන්න“ යනුවෙන් ලියූ කොලයක් ද තිබූ බව පොලිසිය කියයි. රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මේ සිසුවා සියදිවි නසාගන්නට ඇතැයි පොලිසිය සැකකරයි. කිමිදුම් කරුවන් හා පොලිස් සුනඛයන් ද යොදා සිසුවා සොයා ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ වූ බැවින් අඟහරුවාදා සවස පොලිසිය සෙවීම් කටයුතු නතර කැර දැමීය.

